• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පානදුර 'ගාලවත්ත' ඉඩම සංවර්ධනය කිරීම
- පානදුර නගරය, කළුතර දිස්ත්‍රික්කයේ පිහිට ප්‍රධානතම වාණිජ හා සේවා මධ්‍යස්ථානයකි. පානදුර නගර මධ්‍යයට පිවිසෙන ස්ථානයෙහි පිහිටි ගාලවත්ත ඉඩම, මහජන චතුරස්‍රයක් වශයෙන් සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත. එහිදී අවතැන් වන ‍පවුල් සහ වාණිජ ඒකක 35 ක් නැවත පදිංචි කිරීම, 2013 වසර වෙනුවෙන් වෙන් කර ඇති රුපියල් මිලියන 25 ක ප්‍රතිපාදන යොදවාගනිමින් ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීම සහ 2014 වර්ෂයේදී ලබා දීමට නියමිත රුපියල් මිලියන 40ක් වන ඉතිරි ප්‍රතිපාදන මඟින් ව්‍යාපෘතියේ කටයුතු නිම කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.