• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයේ අනාගත අදියර (Next Generation Networks) සඳහා වන ප්‍රතිපත්තිය හා නියාමන රාමුව
- ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයේ අනාගත අදියර මඟින් හඬ, දෘශ්‍ය සහ විද්‍යුත් තැපෑල ඇතුළු සියලුම මාදිලියේ සේවාවන් සඳහා පොදු ප‍්‍රවේශයක් සලසා දෙනු ඇත. මෙම නව ජාල අභිසරණ ක්‍රමවේදය ඔ‍ස්සේ එක් ජාල ප්‍රවේශයක් පමණක් පවත්වා ගෙනයාමටත්, විවිධ දත්ත වර්ග සංයුක්ත වූ නව සේවා සැපයීමට හැකිවීමත් තුළින් මුදල් ඉතිරි කරගැනීමේ අවස්ථා දුරකථන ක්‍රියාකරවන ආයතනවලට උදා වේ. සාම්ප්‍රදායික ජාල සමඟ සැසඳීමේදී, අන්තර්ජාලයේ අනාගත අදියර ක්‍රමවේද නවීනතම සේවා සැපයුම් සඳහා ආධාර වනු පිණිස භෞතික වශයෙන් වැඩිදියුණු කිරීමක් අවශ්‍ය නොවන බැවින්, මෙම නව ජාල ක්‍රමවේද වඩාත් බහුකාර්ය වනු ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයේ අනාගත අදියර සඳහා වන ප්‍රතිපත්ති සහ නියාමන රාමුව පිළිගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.