• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීම

- මෙම ව්‍යාපෘති යෝජනාව යටතේ වසර 5ක කාලයක් තුළ  මීටර් 400 සහ මීටර් 200 කෘතිම ධාවන පථ, මීටර් 400 ස්වාභාවික ධාවන පථයක්, ප්‍රේක්ෂකාගාර 02ක්, ක්‍රිකට් ක්‍රීඩාංගනයක්, ගෘහස්ත ක්‍රීඩාගාරයක් පිහිණුම් තටාක, පුහුණු මධ්‍යස්ථාන හා පුද්ගලයන් 200ක් සඳහා නවාතැන් පහසුකම් සහිත සංචාරක නිවාස ඉදිකිරීමට නියමිතය. ව්‍යාපෘතියේ මුළු පිරිවැය එ.ජ.ඩොලර් මිලියන 115 කි. ඉදිරිපත් වී ඇති මෙම ව්‍යාපෘති යෝජනාව ඇගයීම පිණිස, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් හා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.