• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශ්වවිද්‍යාල සිසුසිසුවියන් සඳහා නේවාසිකාගාර 60ක් ඉදි කිරීමේ කඩිනම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- බෞද්ධ විශ්වවිද්‍යාල 02ක් ඇතුළුව විශ්වවිද්‍යාල 17ක් දිවයිනෙහි ස්ථාපිත කොට ඇති අතර, සිසුන් 92,000ක් පමණ ඒවායේ අධ්‍යාපනයෙහි නියුක්තව සිටිති. මෙකී විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංඛ්‍යාවෙන් බහුතරයක් සඳහා නේවාසිකාගාර පහසුකම් සලසා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, වසර දෙකක් (02) තුළ නිම කිරීමේ අපේක්ෂාවෙන් අදියර දෙකකින් විශ්වවිද්‍යාල 17ක් ආවරණය වන පරිදි නවීන තාක්ෂණයට අනුකූලව ගොඩනැගිලි 60ක් ඉදිකිරීමට යෝජනා කර ඇත. මෙම සෑම ගොඩනැගිල්ලක්ම සිසුන් 200කට නේවාසිකාගාර පහසුකම් සැපයිය හැකි වන පරිදි මහල් 04කින් හා කාමර 100කින් යුක්ත වන අතර, මෙම ව්‍යාපෘතිය නිමවීමත් සමඟ සිසුන් 12,000ක් එමඟින් ප්‍රතිලාභ අත්විඳිනු ඇත. මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.