• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වියළි කලාපීය නාගරික ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය - ශ්‍රී ලංකාව ADB/Loan No: L 2477-SRI (SF) පුත්තලම ජල සම්පාදන යෝජනා ක්‍රමයේ සම්ප්‍රේෂණ ප්‍රධාන නළ මාර්ගය සහ බෙදා හැරීමේ පද්ධතිය සඳහා HDPE, DI, PVC පයිප්ප, උපාංග සහ වෑල්ව් සැපයීම සහ ඇතිරීම

- ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය විසින් අවශ්‍ය අරමුදල් සපයා දෙනු ලැබේ. ඉහත සඳහන් අයිතමයන් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම සඳහා ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.