• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බදුල්ල දිස්ත්‍රික්කයේ මොරාන ජලාශයේ ප්‍රධාන වැඩ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට (CECB) පැවරීම

- මෙම ව්‍යාපෘතිය යටතේ උල්හිටිය ඔය හරහා වේල්ලක් ඉදිකොට, පෝෂිත ඇළ මාර්ගයක් ඔස්සේ රොටගොල්ල ජලාශය වෙත ජලය යොමු කිරීමටත් කන්න දෙකේදීම උග්‍ර ජල හිඟයකට මුහුණපාන වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන වාරි යෝජනා ක්‍රමයක් වන නාගදීප යෝජනා ක්‍රමයේ වාරි ජල සැපයුම පෝෂණය කිරීමටත් යෝජනා කර ඇත.  මෙම ව්‍යාපෘතියේ මුළු පිරිවැය රුපියල් මිලියන 1,760 ක් වේ යැයි ඇස්තමේන්තු කර ඇති අතර, ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම පිණිස 2013 වසරේදී රුපියල් මිලියන 300 ක ප්‍රතිපාදන වෙන් කර දී ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත ඉදිකිරීම්, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පිරිනැමීම සඳහා වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.