• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිකුණාමලය පිටත වටරවුම් මාර්ග ව්‍යපෘතිය - චීන මහජන ජනරජයේ හුනාන් රෝඩ් ඇන්ඩ් බ්‍රිජ් කන්ස්ට්‍රක්ෂන් ගෲප් කෝපරේෂන් (HRBC) විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව

- ත්‍රිකුණාමලය, නැ‍ඟෙනහිර පළාතේ ප්‍රධාන නගරයක් වශයෙන් සංවර්ධනය කිරීම සඳහා තෝරා ගෙන ඇති අතර, විවිධ දිශාවන්ගෙන් ත්‍රිකුණාමලය නගරය වෙත මනා ප්‍රවේශයක් ලබාදීම සඳහා  නගරය වෙත දිවෙන පිටත වටරවුම් පාර ඉදිකිරීම අත්‍යවශ්‍ය වේ යයි සැලකේ.  අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා වරාය හා මහාමාර්ග අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 2013 වසර සඳහා වෙන් කර ඇති අරමුදල් උපයෝගී කරගනිමින් ප්‍රමුඛතා පදනමින් ව්‍යාපෘතියේ මූලික කටයුතු ආරම්භ කිරීමටත් ඉතිරි ප්‍රතිපාදන 2014-2016 මධ්‍යකාලීන අයවැය රාමුව යටතේ ලබාදීමටත් කටයුතු කරනු ඇත.