• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය සඳහා ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය (ITMIS) ක්‍රියාත්මක කිරීම

- ITMIS තොරතුරු පද්ධතිය මඟින් මහා භාණ්ඩාගාරයේ/මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ප්‍රධාන දෙපාර්තමේන්තු මෙහෙයුම් ස්වයංක්‍රීයකරණය කිරීම මූලික වශයෙන් අරමුණු කර ඇති අතර, ආදායම් පරිපාලනය හා ඒකාබද්ධ භාණ්ඩාගාර මෙහෙයුම් මැනවින් හා ඵලදායී අයුරින් කළමනාකරණය කිරීම තහවුරු වන පරිදි මහා භාණ්ඩාගාරයේ විවිධ කාර්යයන් ස්වයංක්‍රීයකරණය මෙමඟින් සිදුවනු ඇත. භාණ්ඩාගාර මෙහෙයුම් ස්වයංක්‍රීයකරණය සඳහා ඒකාබද්ධිත මෘදුකාංග පද්ධතියක් ප්‍රසම්පාදනය ඉලක්ක කරගනිමින් ආයතනික ව්‍යුහය ශක්තිමත් කිරීම සඳහා ITMIS තොරතුරු පද්ධතිය සහාය වනු ඇත. අදාළ කාර්යය සඳහා අවශ්‍ය මෘදුකාංග පද්ධතියට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.