• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බම්බලපිටියේ සිට නගර සීමාව දක්වා ගාලු පාර සහ ආර්.ඒ. ද මෙල් මාවත නවීකරණය කිරීම

- ප්‍රතිනිර්මාණය හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව (IBRD) විසින් අරමුදල් සැපයෙන ලෝක බැංකු ව්‍යාපෘතියක් වන කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතිය රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ. IBRD බැංකුව විසින් ලබා දුන් ණය මුදල කොළඹ මහ නගර ප්‍රදේශය තුළ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා උපයෝගී කරගැනීමට අපේක්ෂිත අතර, එකී ණය මුදලෙන් කොටසක් බම්බලපිටියේ සිට නගර සීමාව දක්වා ගාලු පාර සහ ආර්.ඒ. ද මෙල් මාවත පුනරුත්ථාපනය කිරීම සඳහා උපයෝගී කර ගැනෙනු ඇත. ඉහත කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, පිරිනැමීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.