• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'පිළිසරු' ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතිය

- අදාළ පළාත් පාලන බල ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය ක්‍රමවත්ව කළමනාකරණය කිරීම පිණිස අතිශයින් දායක වන දිනකට මෙ.ටො. 10 - 50 අතර ධාරිතාවකින් යුත් ප්‍රධාන කොම්පෝස්ට් ව්‍යාපෘති පහක් 'පිළිසරු' ව්‍යාපෘතිය යටතේ නිමකර ඇත. කොරියානු ජනරජයේ ප්‍රදානයක් මඟින් ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෞඛ්‍ය ආරක්ෂිත කසළ බැහැර කිරීමේ ස්ථානයක් දැනට ඉදි කෙරෙමින් පවතී. අදාළ කාර්යය සඳහා අතිරේක අරමුදල් ලබාගැනීම සඳහාත් ව්‍යාපෘති කාලය 2014 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා දීර්ඝ කරගැනීම සඳහාත් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු සුනිල්‍ ප්‍රේමජයන්ත මැතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.