• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රි ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පාඨමාලාව (SL-CIT) උසස් අධ්‍යපන අමාත්‍යංශය යටතේ ඇති ජාතික මාර්ගගත දුරස්ථ අධ්‍යපන සේවය (NODES) ඔස්සේ පවත්වාගෙන යාම

- උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ගගත දුරස්ථ අධ්‍යාපන සේවය තුළින් ඉහත පාඨමාලාව පැවැත්වීම සඳහා පියවර ගෙන ඇත. දිවයින පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ට මෙන්ම විදේශීය ශිෂ්‍යයන්ට ද ජාතික මාර්ගගත දුරස්ථ අධ්‍යාපන සේවය විසින් පවත්වනු ලබන අධ්‍යාපන පාඨමාලා හැදෑරීමේ අවස්ථාව මෙමඟින් සලසා දී ඇත. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම ස්වයං-අධ්‍යයන පාඨමාලා වශයෙන් හැදෑරීමට හැකි වන පරිදි මෙම පාඨමාලාව සකස් කර ඇත. ජාතික මාර්ගගත දුරස්ථ අධ්‍යාපන සේවා මධ්‍යස්ථාන සියල්ලෙහිම මෙම පාඨමාලාව භාෂාත්‍රයෙන්ම පැවැත්වීමට ද ජාතික මාර්ගගත දුරස්ථ අධ්‍යාපන සේවයේ අධීක්ෂණය යටතේ අදාළ විභාග මාර්ගගතව පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. ඉහත ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.