• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
"දැයට කිරුළ" - ජාතික ප්‍රදර්ශනය සහ සංවර්ධන වැඩසටහන

- මෙම වැඩසටහන කුරුණෑගල, පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්ක ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, 2014 - නිදහස් දින සැමරුමට සමගාමීව කුලියාපිටියේ වයඹ විශ්වවිද්‍යාලය, කාර්මික විද්‍යාලය සහ මධ්‍ය මහා විද්‍යාලය යන පරිශ්‍රයන්හි මෙම ජාතික ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය. පහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත:

 

*     පවුල, ගම සහ ප්‍රාදේශීය මට්ටමින් ප්‍රජා අවශ්‍යතා සපුරාලීම ඉලක්ක කරගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම;

 

*     ජනතා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් කෙටි කාලයක් තුළ නිම කළ හැකි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම;

 

*     ප්‍රදේශයේ පවතින විවිධ පරිපාලනමය ගැටලු හා මහජන දුක්ගැනවිලි රාජ්‍ය නිලධාරින් විසින් විසඳාලීම.

 මෙම වැඩසටහන අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති ආයතනවල සහයෝගිතාවෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.