• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යෝජිත උතුරු අධිවේගී මාර්ගයේ එ‍කම ඬේරමුල්ල-මීරිගම-අඹේපුස්ස කොටස සහ මීරිගම-කුරුණෑගල කොටස සඳහා කි.මී. 100 ක දුර ප්රසමාණයක සංවර්ධනය සඳහා අරමුදල් සැපයීම, මෙහෙයුම් කටයුතු සිදුකිරීම සහ නඩත්තු කිරීම සහ ආශ්රිරත දේපළ සංවර්ධනය හා ප්රුවාහන සැපයුම් සංවිධාන පහසුකම්

- China Merchants Holdings (International) Company Limited සහ China Merchants Huajian Highway Investment Company Limited විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව - 2007 - 2017 ජාතික මාර්ග මහ සැලැස්මෙහි උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හඳුනාගෙන ඇත.  මෙහි අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ අදියර I, පහත සඳහන් පරිදි පියවර 4 කින් සමන්විත වනු ඇත.

 

*       අදියර I - එ‍‍‍‍ඬේරමුල්ල සිට මීරිගම හරහා අඹේපුස්ස - කි.මී. 53;

*       අදියර II - මීරිගම සිට පැල්ලන්දෙණිය (කුරුණෑගල) - කි.මී. 39;

*       අදියර III - අඹේපුස්ස සිට මහනුවර - කි.මී. 46; සහ

*       අදියර IV  - පල්ලන්දෙණිය සිට දඹුල්ල - කි.මී. 62.

 

 

චයිනා මර්චන්ට්ස් හෝල්ඩිං (ඉන්ටර්නැෂනල්) කම්පැනි ලිමිටඩ් සහ චයිනා මර්චන්ට්ස් හියුජියෑං හයිවේ ඉන්වෙස්මන්ට් කම්පැනි ලිමිටඩ් යන සමාගම් විසින් මෙම ව්‍යාපෘතිය මුළුමනින්ම මූල්‍යනය කිරීමට නියමිතය.  ඉහත ව්‍යාපෘතියේ අදියර  I සහ II සැලසුම් කිරීම, නිර්මාණය කිරීම, මුල්‍යයනය, ඉදිකිරීම හා මෙහෙයවීම පිළිබඳ ව්‍යාපෘති යෝජනා ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීම සඳහා වරාය හා මහාමාර්ග අමාත්‍ය, වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉහත යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.