• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දක්ෂිණ මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍යාධාර

- දක්ෂිණ අධිවේගී මාර්ගය වෙත පිවිසුම් මාර්ග 05 ක් සංවර්ධනය කිරීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව වෙතින් එ.ජ. ඩොලර් මිලියන 75 ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 9.6 ක) ණය මුදලක් ලබා ගැනීමට නියමිතය.  මීට අමතරව, මෙම ව්‍යාපෘතිය යටතේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ස්ථාන තුනට සම්බන්ධ වන පහත සඳහන් ජාතික මහාමාර්ග 05 හි කිලෝමීටර් 33.5 ක් සංවර්ධනය කෙරෙනු ඇත.:

 

*       මොරටුව - පිළියන්දල                     - කි.මී. 2.5;

*       රත්මලාන - මිරිහාන                       - කි.මී. 2.1;

*       දක්ෂිණ අධිවේගී මාර්ගය - මතුගම      - කි.මී. 12.4;

*       කිරුළපන - හෝමාගම                    - කි.මී. 2.1; සහ

*       කැස්බෑව - පොකුණුවිට                   - කි.මී. 14.4.

 මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉහත යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.