• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'2014 දැයට කිරුළ' ජාතික ප්‍රදර්ශනය

- 2014 පෙබරවාරි මස 04 දින ආරම්භ කිරීමට නියමිත මෙම ප්‍රදර්ශනය වයඹ විශ්වවිද්‍යාලය, කාර්මික විද්‍යාලය සහ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය යන පරිශ්‍රයන්හිදී පැවැත්වෙනු ඇත.  ප්‍රදර්ශනයෙන් පසුව මෙකී අධ්‍යාපන ආයතන විසින් සිය ප්‍රයෝජනය සඳහා යොදවා ගනු ලැබිය හැකි පරිදි සහ ප්‍රදර්ශන භූමියේ අවශ්‍යතා සඳහා සරිලන පරිදි ස්ථිර ගොඩනැඟිලි මෙකී පරිශ්‍රයන්හි ඉදි කිරීමට නියමිතය.  අනෙකුත් රජයේ ආයතන සමඟ එක්ව අදාළ කටයුතු කිරීම සඳහා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය, ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා  විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.