• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නැවත ඇණවුම් කිරීමේ පදනම (REPEAT ORDER BASIS) ග්‍රාමීය ප්‍රදේශ සඳහා කුඩා බස්රථ 81 ක් ප්‍රසම්පාදනය

- 2013‑01‑17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව, ග්‍රාමීය ප්‍රදේශ සඳහා යෙදවීමට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් දැනටමත් ආසන 33 බස්රථ 200 ක් මිලට ගනු ලැබ ඇත.  අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත ප්‍රසම්පාදනය ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගමට පිරිනැමීම සඳහා ප්‍රවාහන අමාත්‍ය, ගරු කුමාර වෙල්ගම මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.