• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හා ගුරුවරුන්ගේ දායකත්වයෙන් "සෙනෙහසක තොටුපළ" නමින් අලිමංකඩ දුම්රිය ස්ථානය ඉදි කිරීම

- අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ලාංකික සමස්ත ගුරු හා සිසු පරපුර විසින් කරන ලද පරිත්‍යාගයක් වන රුපියල් මිලියන 15.5 ක අරමුදල් උපයෝගි කරගනිමින්, ප්‍රවාහන අමාත්‍යාංශයේ එකඟත්වය මත, මගී පර්යන්තයක්, මඟීන් සඳහා විවේක කාමර, ආපනශාලාවක් ආදියෙන් සමන්විත වන පරිදි අලිමංකඩ දුම්රිය ස්ථානය ඉදි කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය, ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.