• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන උතුරු මාර්ග සම්බන්ධතා ව්යාපෘතිය

- අතිරේක අරමුදල් යටතේ අදියර 1 හි කොන්ත්‍රාත් පැකේජ පහක් (05) ප්‍රදානය කිරීමට අනුමැතිය ලබා ගැනීම - උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය යටතේ ජාතික මහාමාර්ග කි.මී. 120 ක් පමණ පුනරුත්ථාපනය කොට වැඩිදියුණු කිරීම පිණිස ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකා රජය වෙත එ.ජ. ඩොලර් මිලියන 98 ක ණය මුදලක් ලැබී ඇත.  අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව නිර්දේශ කර ඇති පරිදි පහත සඳහන් මාර්ග කොටස් පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම පිණිස වරාය හා මහාමාර්ග අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

*   වවුනියාව - හොරොව්පතාන මාර්ගය (A29) - කි.මී. 24.00 සිට කි.මී. 34.95 දක්වා;

*   මැදවච්චිය - කැබිතිගොල්ලෑව මාර්ගය - (B283) - කි.මී. 0 සිට කි.මී. 12.6 දක්වා;

*   මැදවච්චිය - කැබිතිගොල්ලෑව මාර්ගය - (B283) - කි.මී. 12.6 සිට කි.මී. 25.4 දක්වා;

*   කැබිතිගොල්ලෑව - පදවිය මාර්ගය - (B211) - කි.මී. 0 සිට කි.මී. 15.5 දක්වා; සහ

*   කැබිතිගොල්ලෑව - පදවිය මාර්ගය - (B211) - කි.මී. 15.5 සිට කි.මී. 31.345 දක්වා;