• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු විසින් සපයනු ලබන අරමුදල් මඟින් දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදවා ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම

- අදියර 2 යටතේ කොන්ත්‍රාත් පහක් (05) ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම - දේශීය බැංකු මඟින් සපයනු ලබන අරමුදල් උපයෝගි කර ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව නිර්දේශ කර ඇති දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින් පහත සඳහන් මහාමාර්ග/පාලම් පුනරුත්ථාපනය කිරීම පිණිස වරාය හා මහාමාර්ග අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

*     හම්බන්තොට නගර කේන්ද්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ මිරිජ්ජවිල - සුරියවැව මාර්ගය - කි.මී. 23.3  සහ පිටරවුම් පාර - කි.මී. 6.6;

*     ලුණුගම්වෙහෙර - කතරගම මාර්ගය - කි.මී. 13.82;

*     කුරුණෑගල - නාරම්මල - මාදම්පේ මාර්ගය - කි.මී. 40.87 සිට කි.මී. 64.77 දක්වා;

*     කඩිගාව ප්‍රදේශයේදී දැදුරුඔය හරහා මංතීරු දෙකක් පාලමක ඉදි කිරීම; සහ

*     කඩවලගෙදර - විතිකුලිය මාර්ගය -  කි.මී. 14.