• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෑගල්ල නගර සංවර්ධන සැලැස්ම -

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් ඩිපෝව ප්‍රතිස්ථාපනය කිරීම හා මධ්‍යම බස් නැවතුම්‍පළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය - කෑගල්ල නගරයේ විශාල රථවාහන තදබදයක් ඇති කරමින් දැනට ඇති බස් නැවතුම්පොළවල ස්ථාන තුනක පිහිටා ඇත. පරගම්මන ප්‍රදේශයේ හඳුනාගත් ඉඩම් කොටසක් වෙත වත්මන් බස් ඩිපෝව රැගෙන යාම සඳහාත්, කෑගල්ල නගරයේ මහජනතාව සඳහා වැඩි පහසුකම් සලසා දීම පිණිස යෝජිත බස් නැවතුම්පොළ දැනට බස් ඩිපෝව ඇති ඉඩමෙහි ඉදි කිරීම සඳහාත්, එම කාර්යය සඳහා අවශ්‍ය අරමුදල් 2013 සිට 2016 දක්වා වෙන් කර ගැනීම  සඳහාත්, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.