• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල ජාතික පාසල් 4 ක් ස්ථාපිත කිරීම

- කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පිහිටි කිලිනොච්චි ම.ම.වි. හා මුලංකාවිල් ම.ම.වි. සහ මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි විද්‍යානන්ද විද්‍යාලය සහ එමු/මල්ලාවි ම.ම.වි. යන පාසල් ජාතික පාසල් තත්ත්වයට පත්කිරීම සඳහාත් එම පාසල් 'ද්විතියික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහන' තුළට ඇතුළත් කිරීම තුළින් සංවර්ධනය කිරීම සඳහාත් අධ්‍යාපන අමාත්‍ය, ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.