• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2010 මැනිලා ජාත්යවන්තර සම්මුතිය මත පුහුණු කිරීමේ, සහතික කිරීමේ හා මුරකාවලෙහි යෙදවීමේ නව රෙගුලාසි බලාත්මක කිරීම

- සමුද්‍ර වෘත්තිකයන් සඳහා වන පුහුණු කිරීමේ, සහතික කිරීමේ හා මුරකාවලෙහි යෙදවීමේ කටයුතු, පුහුණු කිරීම, සහතිකකරණය හා මුරකාවලෙහි යෙදවීමේ ප්‍රමිතිකරණය පිළිබඳව වූ ජාත්‍යන්තර සම්මුතිය ප්‍රකාරව සිදු කෙරේ.  ඉහත සම්මුතිය 2010 දී සංශෝධනයට ලක් කර ඇති හෙයින් එකී සංශෝධනයන්ට අනුකූලව, 1971 අංක 52 දරන වෙළඳ නැව් පනත යටතේ සකස් කළ නව රෙගුලාසි රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහාත් එකී රෙගුලාසි 2013‑07‑01 දින සිට බලාත්මක කිරීම සඳහාත් වරාය හා මහාමාර්ග අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.