• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ 02, හයිඩ්පාර්ක් කෝනර්හි පිහිටි ඉඩමක් කාර්යාල සංකීර්ණයක් හා සේවක පුහුණු මධ්යකස්ථානයක් ඉදි කිරීම සඳහා මහජන බැංකුවේ උප සමාගමක් වන සී/ස පීපල්ස් ප්රොයපටි ඩිවලප්මන්ට් සමාගම වෙත ලබාදීම

- නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉහත සඳහන් ඉඩම් කොටස සිය කාර්ය මණ්ඩල පුහුණු මධ්‍යස්ථානය සඳහා සහ සී/ස පීපල්ස් ප්‍රොපටි ඩිවලප්මන්ට් සමාගමේ කාර්යාලය සඳහා ඉඩ සලසා දෙන බහු මහල් ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම පිණිස මහා භාණ්ඩාගාරය විසින් නියම කරන ලද කොන්දේසිවලට යටත්ව, සී/ස පීපල්ස් ප්‍රොපටි ඩිවලප්මන්ට් සමාගම වෙත බදුදීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.