• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වී අලෙවි මණ්ඩලයේ අතිරික්ත වී තොග අපනයනය නැවත ආරම්භ කිරීම
2013 ජූලි මස අවසන් වන විට යල කන්නයේ සමස්ත අස්වනු ප්‍රමාණයෙන් වී මෙට්‍රික්ටොන් 75,000 සිට 100,000 දක්වා මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය අපේක්ෂා කරයි. ඒ සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් සළසා ගැනීමේ අරමුණෙන්, දැනට ගබඩාකොට ඇති වී තොග වලින් මෙ.ටො. 50,000 ක ආරක්ෂිත තොගයක් පවත්වා ගැනීමෙන් අනතුරුව, වී මෙ.ටො. 50,000 ක් සහල් බවට පත්කොට, විදේශීය රටවලට විකිණීම සඳහා සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය, ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.