• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව - 2012 - පාර්ලිමේන්තුවේ සභාගත කිරීම
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ 2012 වසර සඳහා වන කාර්යසාධන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය, ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. එම වාර්තාවේ අන්තර්ගත සුවිශේෂී කරුණු කිහිපයක් පහත දැක්වේ: * දිවි නැඟුම ජාතික වැඩසටහන - මෙම වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ධීවර, ව්‍යවසාය සංවර්ධන යන අංශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන අතර, 2012 වසර තුළ සමස්ත වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 2,912.98 ක මුදලක් වැය කොට ඇත. * කෘෂි කර්මාන්ත ‍අංශය - බීජ හා පැල ආදී යෙදවුම් සපයාදීම සඳහා මෙම අංශය වෙත 2012 වසර තුළදී රුපියල් මිලියන 1,559.81 ක මුදලක් වැය කොට ඇත. * පශු සම්පත් අංශය - මෙම අංශය වෙත 2012 වසර තුළදී රුපියල් මිලියන 365 ක මුදලක් වැය කොට ඇත. * සමාජ ආරක්ෂණ - සමෘද්ධි වැඩසටහන - අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිස 2012 වසර තුළදී පවුල් 1,549,107 ක් අතර රුපියල් මිලියන 10,553 ක මුදලක් බෙදා දී ඇත. * "ගම නැඟුම" හා "පුර නැඟුම" ව්‍යාපෘති යටතේ 2012 වසර තුළදී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. * උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කාර්යයන් - උතුරු පළාතේ මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3,310.93 ක මුදලක් ආයෝජනය කර ඇති අතර, නැගෙනහිර පළාතේ එකී කාර්යයන් සඳහා රුපියල් මිලියන 1,149.83 ක් වැයකොට ඇත. යාපනය, කිලිනොච්චි සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට විදුලිය සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 717.24 ක් වැයකොට ඇත.