• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා සිව් මහල් සම්පත් මධ්‍යස්ථානයක් හා ශ්‍රවණාගාරයක් ඉදි කිරීම
2014 - 2016 මධ්‍ය කාලීන අයවැය රාමුව යටතේ සලසා දෙනු ලබන මූල්‍ය ප්‍රතිපාදන මඟින් රුපියල් මිලියන 271.7 ක ඇස්තමේන්තුගත පිරිවැයක් මත ඉහත ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ඉටු කිරීම සඳහාත් සීමිත තරගකාරී ලංසු කැඳවීම තුළින් මේ සඳහා සුදුසු කොන්ත්‍රාත් කරුවකු තෝරා ගැනීම සඳහාත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය, ගරු ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.