• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
- කටුවන ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි මෙම ව්‍යාපෘතිය මඟින් ආවරණය වන ප්‍රදේශය කටුවන හා වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ග්‍රාමසේවා වසම් තිස් හතරකින් (34) සමන්විත වේ. ඉහත ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර සමාලෝචන කමිටුව විසින් නිර්දේශ කළ පරිදි යුරෝ 11,139,931.64 ක මුදලකට පිරිනැමීම සඳහාත්, ව්‍යාපෘතියේ දේශීය අරමුදල් අවශ්‍යතා සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටීම සඳහාත්, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.