• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජර්මානු පුනර්නිර්මාණී බැංකුවේ (KfW Bank - Germany) යුරෝ මිලියන 28ක මූල්‍ය සහයෝගීතාව ඇතුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගාල්ල නව මාතෘ රෝහල සම්පූර්ණ කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම (Helmut Kohl)
2004 දෙසැම්බර් මස සිදුවූ සුනාමි ආපදාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළ තීරයේ පිහිටි ගාලු නගරයේ නව මාතෘ රෝහලක් ඉදිකිරීම ගාලු මාතෘ රෝහල් පදනම විසින් ආරම්භ කරන ලදී. ජර්මනියේ ජර්මානු පුනර්නිර්මාණී බැංකුව විසින් ලබාදෙන යුරෝ මිලියන 28ක මූල්‍යාධාර මත ඉහත ව්‍යාපෘතියේ කටයුතු ඉටු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.