• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බදුල්ල වෙළඳ සංකීර්ණය ඉදිකිරීම - අදියර II
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ එළවළු වෙළඳසැල් 103 ක්, මාළු වෙළඳසැල් 5 ක්, මස් වෙළඳසැල් 3 ක් හා වාහන නතර කිරීමේ පහසුකම් ආදී ඉදිකිරීම් කටයුතු නිම කෙරෙමින් පවතී. මෙම ව්‍යාපෘතියේ දෙවන අදිරය සඳහා වන කොන්ත්‍රාත්තුව, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ස්ථාවර තාක්ෂණික කමිටුව විසින් ඇස්තමේන්තුවේ ගාස්තු ප්‍රමාණ අනුමත කිරීමට යටත්ව, නිර්මාණය කර ඉදිකිරීමේ පදනම මත, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පිරිනැමීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.