• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමාජගත කරන ලද අභ්‍යාසලාභීන් සඳහා ස්වයංරැකියා ණය පහසුකම් සැලසීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම
උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති ගැටුම්කාරී තත්ත්වය පහව යාමත් සමඟ පුනරුත්ථාපනය කොට නැවත සමාජගත කරන ලද තැනැත්තන් සංඛ්‍යාව මේවන විට 11,573 ක් වේ. ඔවුන් අතුරින් 1,549 කට ස්වයංරැකියා සඳහා රාජ්‍ය බැංකු හරහා ණය පහසුකම් වශයෙන් රුපියල් මිලියන 300 ක් ලබා දීමට පියවර ‍ගෙන ඇත. එසේ පුනරුත්ථාපනය කරන ලද තවත් තැනැත්තන් 4,724 ක් සඳහා ණය පහසුකම් ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 525 ක් ලබාදීම සඳහා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ගරු චන්ද්‍රසිරි ගජධීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.