• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා සහ මධ්‍ය පරිමාණ කාර්මික ජනපද පුනරුත්ථාපනය කිරීම, උසස් කිරීම හා නවීකරණය කිරීම
කාර්මික ජනපද 18 ක් තුළ නිෂ්පාදන‍ කාර්යයෙහි නියැලි කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත 265 ක් පවතින අතර, එමඟින් තැනැත්තන් 6,900 කට වැඩි සෘජු රැකියා සලසා දී ඇත. මෙම ව්‍යාපෘතියේ සංරචක අතර අභ්‍යන්තර මාර්ග පද්ධති අලුත්වැඩියා කිරීම, පර්යන්ත ආරක්ෂක වැට ඉදිකිරීම, ජල සම්පාදන හා මළාපවහනය වැඩි දියුණු කිරීම, අභ්‍යන්තර මාර්ග ආලෝකකරණය, ගිනි ආරක්ෂක පද්ධති හා සේවක සුබසාධක පහසුකම් නංවාලීම ආදිය ඇතුළත් වේ. 2013 - 2015 වර්ෂවල සලසා දෙනු ලබන අරමුදල් මඟින් රුපියල් මිලියන 305.5 ක මුළු පිරිවැයක් මත, මෙම ව්‍යාපෘතියේ කටයුතු ඉටු කිරීම සඳහා සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය, ගරු ඩග්ලස් දේවානන්දා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.