• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි අන්තර්ගත නොවන උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ සඳහන් නිර්දේශ එක් පරිපුර්ණ නිර්දේශ මාලාවක් ලෙස ඉදිරිපත් කළ හැකිවන මුල් අවස්ථාවේදී ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි ඇතුළත් නොකරන ලද සෙසු නිර්දේශවල යම් යම් අයුරින් ඇතුළත්ව ඇති හෝ ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මේ අන්තර්ගත නිර්දේශවල කොටසක් වශයෙන් ඇතුළත් වී ඇති නිර්දේශ 53ක් ද ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි ඇතුළත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.