• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත (262 අධිකාරය) යටතේ
කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා වන ජාතික සීමා නිර්ණය කමිටුව සහ දිස්ත්‍රික් සීමා නිර්ණය කමිටුවල නිල කාල සීමාව දීර්ඝ කිරීම - කොට්ඨාස ක්‍රමය මත පළාත් පාලන ආයතනවල සභිකයින් තෝරා පත්කර ගැනීම පිණිස කොට්ඨාස සිමා නීර්ණය කිරීමේ කාර්යය සඳහා ඉහත සීමා නීර්ණ කමිටු පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. මේ පිළිබඳව අවසන් වාර්තාව සකස් කොට ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි, ඉහත කමිටු සඳහා ලබා දි ඇති කාලසීමාව 2013 06 07 දින සිට තවත් මාස හයකින් (06) දීර්ඝ කිරීම පිණිස පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය, ගරු ඒ.එල්.එම්.අතාවුල්ලා මැතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.