• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදේශිකයන්ට ඉඩම් පැවරීම
විදේශිකයන්ට ඉඩම් පැවරීම පිළිබඳව සීමා පැනවීම පිණිස ව්‍යවස්ථා සම්පාදනය කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන ඇමතිතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. යෝජිත නීතිවල සුවිශේෂී ලක්ෂණ මතු දැක්වේ: (i) යෝජිත පනත ප්‍රකාර, නිදහස් කිරීමක් ලබා දෙන්නේ නම් මිස, ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන හෝ ශ්‍රී ලංකාවේ සංස්ථාපිත නමුත් 50% ක් හෝ ඊට වැඩි කොටස් ප්‍රමාණයක් විදේශීය කොටස්කරුවන් සතු සමාගමක් හෝ විදේශීය සමාගමක් වෙත විකුණුම්කරයක්, ප්‍රදානයක්, ත්‍යාගයක් හෝ මොනයම් ආකාරයකින් අන්සතු කිරීමක් මඟින් රජයේ හෝ පෞද්ගලික ඉඩම් පැවරීම තහනම් කරනු ඇත; (ii) අදාළ නියමයන්ට යටත්ව, රජයේ හෝ පෞද්ගලික ඉඩම්, ඉහත (i) හි සඳහන් තැනැත්තන් හට විකිණීමකින් තොරව, උපරිම වශයෙන් වසර 99 ක කාලයකට බදු දිය හැකි වේ.