• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම
2013 වසර සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන උපයෝගීකර ගනිමින් ඉහත ව්‍යාපෘතියේ මූලික වැඩ ආරම්භ කිරීමටත්, 2014 - 2016 මධ්‍යකාලීන අයවැය රාමුව යටතේ ලබාදීමට නියමිත අරමුදල් මඟින් ව්‍යාපෘතියේ ඉතිරි වැඩ ඉටුකිරීමටත්, ඉහත කොන්ත්‍රාත්තුව තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය තුළින් පිරිනැමීමටත්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය, ගරු ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.