• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
භාණ්ඩාගාර ඇපකර සමඟින් දේශීය බැංකුවලින් ලබා ගන්නා අරමුදල් මත ක්‍රියාත්මක කරනු ලබන ප්‍රමුඛත්ව ජල සම්පාදන ව්‍යාපෘති
මේ වන විට රටතුළ නල ජල සැපයුම මඟින් ආවරණය වන්නේ 44% ක් පමණක් වන අතර, 2020 වසර වන විට එය 60% දක්වා වර්ධනය කිරීමට අපේක්ෂිතය. ප්‍රාග්ධනය සඳහා අවශ්‍ය අරමුදල් දේශීය බැංකු මඟින් ලබාදීම මත මෙම ක්ෂේත්‍රය සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් නියුක්ත කරවීමටත්, එමඟින් ප්‍රාග්ධන පිරිවැය සැලකිය යුතු ආකාරයකින් අවම කර ගැනීමටත්, ර‍ජය අපේක්ෂා කරයි. විදේශීය කොන්ත්‍රාත්කරුවන් සමඟ හවුල්කාර සමාගම් වශයෙන් හෝ උප කොන්ත්‍රාත්කරුවන් වශයෙන් කටයුතු කොට දේශීය කොන්ත්‍රාත්කරුවන් පසුගිය වසර කිහිපය තුළ මේ ක්ෂේත්‍රයේ සැලකිය යුතු අත්දැකීම් ලබා ගෙන තිබේ. රුපියල් බිලියන 29 ක ඇස්තමේන්තුගත පිරිවැයක් මත ජලසම්පාදන ව්‍යාපෘති 30 ක් මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.