• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ රෝහල් සඳහා ඖෂධ ලබා දීම කාර්යක්ෂම කිරීම
දකුණු ආසියානු කලාපයේ මැනවින් ස්ථාපිත ඖෂධ නිෂ්පාදන කර්මාන්තයක් පවතින රටක් වන බංග්ලාදේශයෙන් රජයේ රෝහල් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මිලදී ගැනීම පිළිබඳව සාකච්ඡා කටයුතු පවත්වා ඇත. රාජ්‍යයන් දෙක අතර සිදුවන ගණුදෙනුවක් ලෙස බංග්ලාදේශයෙන් අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට අදාළ ඉදිරි කටයුතු කිරීමටත්, එම ප්‍රසම්පාදනයන් සම්බන්ධයෙන් දේශීය නියෝජිත වශයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පත්කිරීමටත් සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.