• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාරාහේන්පිට පිහිටි යුද්ධ හමුදා රෝහල සඳහා 1.5 Tesla එම්ආර්අයි ස්කෑනර් (MRI SCANNER) පද්ධතියක් මිලදී ගැනීම
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, යුද හමුදා නිලධාරින්ට වඩාත් යහපත් පහසුකම් සලසාදීම පිණිස, ආසන්න වශයෙන් රුපියල් 192,821,590.00 ක මුළු පිරිවැයකින්, නාරාහේන්පිට පිහිටි යුද්ධ හමුදා රෝහල සඳහා එම්ආර්අයි ස්කෑනර් (MRI SCANNER) පද්ධතියක් මිලදී ගැනීම පිණිස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන ඇමතිතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී;