• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාලදිවයින් ජනරජයේ EoN රිසෝට්ස් ගෲප් පෞද්ගලික සමාගම විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 170 ක සෘජු ‍විදේශ ආයෝජනයක් සහිතව සුඛෝපභෝගී හෝටලයක් සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ඇති කිරීම පිණිස වන යෝජනාව
EoN රිසෝට්ස් ගෲප් යනු මාලදිවයිනෙහි ස්ථානගත ලොවපුරා ජනප්‍රිය සුඛෝපභෝගී හෝටල් හිමිකරුවකු හා සංවර්ධකයකු වන අතර, පසුගිය දශකය තුළ මෙම සමාගම විසින් මාලදිවයිනෙහි ලොව සුපතල අති සුඛෝපභෝගී හෝටල් කිහිපයක් සංවර්ධනය කර ඇත. කොළඹ නගරයෙහි ක්‍රියාත්මක කිරීමට යෝජිත ආයෝජනයට ප්‍රධාන වශයෙන් පහත සඳහන් අංශ ඇතුළත් වේ: * විනෝදකාමී හා ව්‍යාපාරික සංචාරකයින් සඳහා පහසුකම් සැලසීමට මහල් 45 කින් යුත් සුඛෝපභෝගී හෝටලයක්; * සුඛෝපභෝගී හෝටල් කාමර 300 ක්; * සුඛෝපභෝගී නිවාස ඒකක 100 ක්; * අමුත්තන් 2000කට ඉඩ පහසුකම් ලබාදිය හැකි සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක්. මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, ගරු රාජිත සේනාරත්න මැතිතුමා සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය, ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා විසින් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.