• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල් විධිමත් කිරීම
මේ වන විට සැලකිය යුතු ජාත්‍යන්තර පාසල් සංඛ්‍යාවක් දිවයින තුළ ක්‍රියාත්මක වන අතර, ඒවා ආයෝජන මණ්ඩලය පනත හෝ සමාගම් පනත යටතේ ව්‍යාපාරික ආයතන වශයෙන් ලියාපදිංචි කර ඇත. රටේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල් ඵලදායී අයුරින් ක්‍රියාත්මක වීම පිණිස, පවත්නා නීති හා රෙගුලාසි සඳහා සංශෝධන ගෙන ඒම අවශ්‍ය වන බව පෙනී ගොස් ඇත. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සමඟ අනුගත කරවීම පිණිස මෙකී පාසල් නියාමනය කිරීමට නෛතික රාමුවක් හා යාන්ත්‍රණයක් සකස් කිරීම පිණිස, අධ්‍යාපන අමාත්‍ය, ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.