• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2012 විභාග ප්‍රතිඵල සම්බන්ධ විශ්ලේෂණය
අධ්‍යාපන අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද, 2012 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල පදනම් කර ගනිමින්, ජාතික, පළාත්, දිස්ත්‍රික් හා කලාප මට්ටමින් අත්කර ගත් ප්‍රතිඵල පිළිබඳ තොරතුරු විශ්ලේෂණ වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. එකී ප්‍රතිඵල විශ්ලේෂණයට අනුව, * 2012 අ.පො.ස. (සා.පෙළ) විභාගයට ‍පෙනී සිටි සිසුන් අතුරින් 64.74% ක් අ.පො.ස. (උ.පෙළ) සඳහා අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබා ඇති අතර, එය 2005 - 2012 දක්වා කාලය තුළ 15.04% වර්ධනයකි. * 2005 වසරේදී 8.02% ක් ව පැවති සියලුම විෂයයන්ගෙන් අසමත්වන ශිෂ්‍ය ප්‍රතිශතය 2012 වසරදී 4.13% දක්වා පහළ ගොස් ඇත. * 2011 වසර හා සැසඳීමේදී නැගෙනහිර, උතුර හා ඌව පළාත්වල උසස් පෙළ සඳහා අධ්‍යාපනය ලැබීමට සුදුසුකම්ලත් ශිෂ්‍ය ප්‍රතිශතය, පිළිවෙළින්, 5.8%, 5.73% සහ 5.81% වශයෙන් වර්ධනය වී ඇත.