• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 54 කින් සමන්විත වන අතර, එහි මුළු ජනගහනය 69,902 කි. ප්‍රදේශයේ වෙසෙන ජනතාවටත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයටත් වැඩි පහසුකම් සලසාදීමට හැකිවන පරිදි, 2014 - 2016 මධ්‍යකාලීන අයවැය රාමුව යටතේ ලබාදීමට නියමිත අරමුදල් උපයෝගී කර ගනිමින්, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා රුපියල් මිලියන 79.9 ක මුළු පිරිවැයකින් තුන්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිණිස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය, ගරු ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.