• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා සහ මධ්‍ය පරිමාණ කාර්මික ජනපද ශක්තිමත් කිරීම
කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් කළමනාකරණය කෙරෙන කාර්මික ජනපද දහඅටක් (18) ස්ථාපනය, මෙහෙයවීම සහ සේවා සැපයීම තුළින් දිවයින පුරා විසිරී තිබෙන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය/කර්මාන්ත සඳහා සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය විසින් පහසුකම් සලසා ඇත. කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් සඳහා සහන සලසනු වස්, කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ ඇති කුඩා හා මධ්‍යම පරිමාණ කාර්මික ජනපදවල ඉඩම් කොටස් සඳහා නිර්දේශිත බදු කුලී ප්‍රතිපත්තිය 2011 06 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, ක්‍රියාවට නැංවීම පිණිස සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය, ගරු ඩග්ලස් දේවානන්දා මැතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.