• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත සංශෝධනය කිරීම
රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ විධිවිධාන පරිදි ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය යටතේ 2011 පෙබරවාරි මස 11 වන දිනට පෙරාතුව රක්ෂණ ව්‍යාපාරයේ නියැලීමට ලියාපදිංචි වී සිටින සියලුම රක්ෂණ සමාගම්, සංශෝධිත පනත බලාත්මක වන දිනයේ සිට වසර පහක් (05) ඇතුළත බලපත්‍ර ලත් කොටස් හුවමාරුවක ලැයිස්තුගත විය යුතු අතර, ඒ අනුව, අදාළ රක්ෂණ සමාගම් 2016 02 11 දින හෝ ඊට ප්‍රථම එකී අවශ්‍යතාව සම්පුර්ණ කළ යුතු වේ. 2011 02 11 දින හෝ ඊට පසුව ලියාපදිංචි වූ රක්ෂණ සමාගම් වසර තුනක් (03) ඇතුළත එසේ කොටස් හුවමාරුවක ලියාපදිංචි විය යුතුය. 2011 02 11 දිනට පෙරාතුව ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය පනත යටතේ ලියාපදිංචි රක්ෂණ සමාගම් බලපත්‍ර ලත්, කොටස් හුවමාරුවක ලියාපදිංචි වීමේ අවශ්‍යතාවයෙන්, අදාළ නියමයන්ට යටත්ව, නිදහස් කිරීම පිණිස අවශ්‍ය සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන ඇමතිතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.