• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත කඹුරුපිටියේ පිහිටි ඉඩමක් ලබාදීම
‍1991 ගම්උදාව හේතුවෙන්, අවතැන් වූ පවුල් යළි පදිංචි කරවන ලද කඹුරුපිටිය ගම්උදාව ප්‍රදර්ශන භූමිය තුළ පිහිටි ඉඩම් කොටසක්, එකී පදිංචිකරුවන් සඳහා ඔප්පු ලබාදීමේ කාර්යය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරාදීම පිණිස, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන ඇමතිතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.