• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වේරස් ගඟ වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන පුද්ගලයින් සඳහා වූ සහන දීමනා යෝජනාවලිය
ඉහත ව්‍යාපෘතියේ මූලික කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජල ගැලීම් පාලනය කිරීමට මෙන්ම එම ප්‍රදේශවල පාරිසරික පද්ධතිය වැඩි දියුණු වීමට හේතු වනු ඇත. ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක කෙරෙන අතර, අදියර 1 යටතේ නුගේගොඩ-රත්තනපිටිය ඇල මාර්ගය සංවර්ධනය කිරීම, බොරලැස්ගමුව උතුර හා දකුණ උප කලාපවල පිහිටි ඇල මාර්ග සංවර්ධනය කිරීම, රොන්මඩ ඉවත් කිරීම මඟින් මහ ඇල සහ වේරස්ගඟ සංවර්ධනය කිරීම, වගුරු බිම් සංරක්ෂණය සහ බොල්ගොඩ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කාණු පද්ධතිය සංවර්ධනය කිරීම යන කාර්යයන් සම්පූර්ණ කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 13,000ක් වන අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නිසා අවතැන් වන පවුල් සඳහා සහන සැලසීම පිණිස, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන ඇමතිතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.