• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ 02, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත හා ඩී.ආර්.විජේවර්ධන මාවතට මායිම්ව පිහිටි ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ලේක් ලෙෂර් හෝල්ඩිංග්ස් (පෞද්ගලික) සමාගම වෙත බදුදීම
‍නාගරික සංවර්ධන අධිකාරියේ බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාර සංවර්ධන සැලැස්මට අනුකූලවන පරිදි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සමාලෝචන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත සඳහන් ඉඩම බදු දීම පිණිස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන ඇමතිතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.