• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2013 ජුනි 08 දින ඇති වූ සුළි කුණාටු ආපදාව නිසා විපතට පත් ධීවර ජනතාවට සහන සැලසීම

2013‑06‑08 දින හටගත් සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් විපතට පත් ප්‍රදේශවල ධීවර ප්‍රජාවගේ ජීවිත හා දේපළවලට සිදු වූ බරපතළ හානි අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදුව, ඔවුන් සඳහා පහත සඳහන් ආකාරයට සහන ලබාදීමට තීරණය කරන ලදී:

(i)     ජීවිතක්ෂයට පත්/අතුරුදහන් වූ සෑම ධීවරයකුගේම සමීපතම ඥාතිවරයා වෙත රුපියල් 100,000/- ක් ලබාදීම;

(ii)    පූර්ණ වශයෙන් හානි වූ, රක්ෂණාවරණයක් නොමැති ධීවර යාත්‍රා සහ උපකරණ වෙනුවට නව ධීවර යාත්‍රා සහ උපකරණ ප්‍රසම්පාදනය ‍කොට සපයා දීම; සහ

(iii)   අර්ධ වශයෙන් හානියට පත් ධීවර යාත්‍රා සහ උපකරණ අලුත්වැඩියා කටයුතු සඳහා වැය වූ පිරිවැයෙන් 50% ක්, සහන දීමනාවක් වශයෙන් ලබාදීම.