• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුරුඳු අපනයනය

ශ්‍රී ලංකාව විසින් වසරකට කුරුඳු මෙ.ටො.13,000 ක් පමණ අපනයනය කරනු ලැබේ.  බාල තත්ත්වයේ කුරුඳු අපනයනය වැළැක්වීම සහ දිවයිනේ කුරුඳු නිෂ්පාදනය ඉහළ නැංවීම පිණිසත්, කුරුඳු කර්මාන්තයේ නියැළී සිටින පවුල් 350,000 කට අධික පිරිසකගේ ජීවිකාව තිරසර කිරීම පිණිසත්, කුරුඳු අපනයනයේදී ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයන්ට අනුකූලව ක්‍රියා කිරීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් වන අංක 1813/15 හා 2013‑06‑05 දින දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ (ජ්‍යෙෂ්ඨ) අමාත්‍ය, ගරු (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.