• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ ප්‍රතිපත්ති රාමුව තුළ දේශීය කර්මාන්ත දිරි ගැන්වීම

දේශීය ආයෝජකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින්, විදේශීය සෘජු ආයෝජන යොදවා ගත යුතු ප්‍රමුඛතා ක්ෂේත්‍ර හඳුනාගැනීමේ අවශ්‍යතාව අමාත්‍ය මණ්ඩලය විසින් හඳුනාගන්නා ලදී.  ආනයන ආදේශනය අරමුණු කර ගනිමින්, කුළුබඩු සැකසීම හා අගය එකතු කිරීම, සත්ත්ව පාලනය හා කුකුළු පාලනය යන අංශ විදේශීය ආයෝජන සීමා කළ යුතු අංශ වන බවට තීරණය කරන ලදී. අපනයන වෙළඳපොළ සඳහා වාහන එකලස් කිරීම, ඛනිජ තෙල් නිෂ්පාදන පිරිපහදු කිරීම, බෝට්ටු නිෂ්පාදනය ආදී ක්ෂේත්‍රවල විදේශීය ආයෝජන දිරිමත් කළ යුතු බවටත්, දේශීය ආයෝජකයන් රැකගැනීම පිණිස, සුළු පරිමාණ කෘෂිකර්මාන්ත, සිල්ලර වෙළඳාම, වානේ සහ සිමෙන්ති නිෂ්පාදනය සහ රූපලාවන්‍ය ආශ්‍රිත නිෂ්පාදන යන අංශයන්හි විදේශීය ආයෝජන දිරිමත් නොකිරීමටත් තීරණය කරන ලදී. මේ සම්බන්ධයෙන් දැනට බලපවත්වන රෙගුලාසි සංශෝධනය කොට, අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනා ඉදිරිපත් කිරීම පිණිස ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ (ජ්‍යෙෂ්ඨ) අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කරන ලදී.